අදින් වසර 75කට පමණ පෙර පුබ්බිලිය පඤ්ඤාසාර හිමියන්ගේ මහගු උත්සාහය හා කැපවීම මත මැටිහක්ක මහා විද්‍යාලය ලෙසින් ඇරඹෙන ඒ පුංචි විදුපියස අයිති ඓතිහාසික සන්ධිස්ථාන රැසක් පසුකර මේ වන විට මප/නා/මහින්ද ද්වීතික පාසල ලෙස සිසු සිප් පවස නිවාලිය හැකි කැදිම තොතැන්නක් බවට පත්ව ඇත එදා එනම් 1940/02/02 දින වර්තමාන ගුරු නිවාසය පිහිටි භූමියේ මෙම පාසල ඉදිවන්නේ පොල් අතු සෙවිලි කළ ශාලාවකින් යුතුය. එලෙස බිහිවූ කුඩා පාසලේ මුල් ගුරුතුමා ලෙස එදා කටයුතු කළේ කේ.ජී.කීරාල මහතා බවට තොරතුරු ඇතත් නිශ්චිත ලිඛිත සාධක හමු වන්නේ ක්‍රි.ව1946/02/01 කේ.ජි.කීරාල මහතා මුල් ගුරුතුමා ලෙස රාජකාරිය භාරගත් බවට වන සටහනක් සමගය. මෙලෙස 1940 දී ඇරඹෙන මැටිහක්ක විද්‍යාලය 1960 දශකයේ මුල් භාගය තුළ වර්තමානයේ මෙම පාසල පවතින භූමිය වෙත ගෙන ආ අතර,එතැන් සිට එකින් එක ගොඩනැගිලි ඉදි වෙමින් ක්‍රමික පියවර තබමින් තම ගම්න් මග හෙළි පෙහලි කර ගනී. ඒ ගමන් මග දෙස අපසු හැරී බලන විට 1972 ප්‍රථම වරට අප අපොස සාපෙළ සඳහා සිසු යොමු කරමින් ද 1980 දී මුල් වරට උසස් පෙළ පන්ති අරඹමින් ද මෙම විද්‍යාලය සුවිශේෂී මල් ලකුණු තැබු අතර, 1974/01/01 දින මෙම විද්‍යාලය මැටිහක්ක මහා විද්‍යාලය බවට පත්විය. මැටිහක්ක මහා විද්‍යාලය බවට පත් වූ මෙම විද්‍යාලය මප/නා/මහින්ද මහා විද්‍යාලය ලෙස නාමකරණයට ලක් වීම සිදු වන්නේ 2002 වසරේ දී ය. මේ සඳහා මූලිකත්වය ගන්නේ, එවකට උප ගුරුවරයකු වූ වත්මන් විදුහල්පති ඊ.ඒ.එස්.දිසානායක මහතා ය.
එතැන් පටන් මප/නා/මහින්ද මහා විද්‍යාලය බවට පත් වූ මෙම විදුහල සුවිශාල වෙන වෙනස්කම් රැසකට මුහුණ දෙන්නෙ උදාර කර්තව්‍යයක් ලෙස දීප ව්‍යාප්තව ඇරඹෙන ඉසුරු පාසල් ව්‍යාපෘතියට සම්බන්ධ වීමත් සමග ය. මේ වන විට මෙහි විදුහල්පතිවරයා වූයේ අයි.ජී.නවරත්න බණ්ඩා මහත්තයා.සියලුම පළාත් ආවරණය වන පරිදි තෝරාගත් පාසල් සීයක් අතරට, 2007 වසරේ මුල් භාගයේ දී ඉසුරු පාසලක් ලෙස මෙම පාසල නිල වශයෙන් සම්බන්ධ වන්නේ 2007/04/04 4 ඒ සම්බන්ධ නාමපුවරුව විවෘත කිරීම්ත් සමඟය. එවකට මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක ලෙස අනුර දිසානායක මහතා මෙම කර්තව්‍යය වෙනුවෙන් තම ඇප කැපවීමෙන් ලබාදුන්න
සෑම ප්‍රාදේශීය කොට්ඨාසයක අග්‍රගන්‍ය පාසලක් යන තේමාව පදනම් කර ගනිමින් මෙන්ම දැනුමැති සමාජයක් සඳහා වූ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ මෙලෙස සංවර්ධනය කෙරෙන ඉසුරු පාසලක් ලෙස,මෙම පාසල උසස් ම භෞතික මෙන්ම මානව සම්පතින්ම සමන්විත කෙරෙනි. 2011 වසරෙන් පසු ද්වීතික පාසල් 1000 වැඩසටහන යටතට මෙම පාසල පත්වන අතර, ඕනෑම විෂය ධාරාවක් ඔස්සේ අධ්‍යාපනයක් හැදෑරිය හැකි පාසලක් බවට පත්විය.
මහින්ද ද්වීතික පාසල බවට පත්වීමෙන් පසු ප්‍රථම වරට 2016 වර්ෂයේ දී වාණිජ අංශයෙන් විශ්ව විද්‍යාල වරම් හිමි කර ගැනීමට දීපිකා ප්‍රියදර්ශනී ශිෂ්‍යාව සමත් විය. 2017 වසරේදී ප්‍රථම වරට අ.පො.ස උසස් පෙළ විෂය ධාරාවක් ලෙස කෘෂි විද්‍යාව විෂය ධාරාව හැදෑරීමට සිසුන්ට අවස්ථාව සලසා දෙන ලදි. 2017 වසරේදී ශ්‍රී පාද ජාතික අධ්‍යාපන පීඨයේ පැවැත්වූ පරිසර නියමු ජාතික කඳවුරේ දී අප පාසලින් සහ සහභාගි වූ පරිසර නියමුවන් සඳහා ස්වර්ණ වර්ණ පදක්කම් පිරිනැමීම සිදුවිය ඩෙංගු වලින් තොර පාසල් තේරීමේ තරගයේදී දිස්ත්‍රික් මට්ටමේ තරගයන් අප පාසලට දෙවෙනි ස්ථානය හිමිවිය. තවද, ගෘහ විද්‍යා ක්ෂේත්‍රයට අදාළව පැවැත්වූ හස්ත කර්මාන්ත තරගයෙන් මධ්‍යම පළාත් පළමු,දෙවන හා තෙවන ස්ථානයද සමස්ත ලංකා තරගයෙන් දෙවැනි ස්ථානයත් හිමිවිය.තවද, D.S.I. Super Sport දැනුමයි වාසනායයි රූපවාහුනි තරගාවලිය සදහා සහභාගීවීමේ අවස්ථාව ද අප පාසලට හිමි විය.
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩා සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීම සඳහා smart classroom භාවිතය 2017 වසරේදී අප පාසලට හඳුන්වා දෙන ලදී.මේ ආදී ලෙස මහින්ද ද්වීතික පාසල නව ගමන් මගෙහි සුවිශේෂී සංදිස්ථාන රැසක් පසුකරමින් සාර්ථකත්වයට පැමිණ ඇත.විදුහල්පතිවරුන් 17 දෙනකු යටතේ ගොඩ ගොඩනැගුණු මෙම පාසල ගුරුවරු,ඉංජිනේරුවන්,වෛද්‍යවරුන් මෙන්ම සමාජයට වැඩදායි නොයෙක් සේවාවන් හි නියුතු යහපත් පුරවැසියන් දායාද කොට ඇත.
ආරම්භ කළ වර්ෂය |
1940 පෙබරවාරී 03 |
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
මුල් ගුරුතුමාගේ නම |
එම්. ඒ. ජයසේන මහතා |
පාසලේ ආදි කතෘගේ නම |
පුබ්බිලිය පඤ්ඤාසාර හිමියන් |
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
පාසලේ නම |
මැටිහක්ක මහා විද්‍යාලය |
වර්, තමාන භූමියට ගෙන ඒම |
1960 |
මහා විද්‍යාලයක් බවට පත්වීම |
1974.01.01 |
මහින්ද මහා විදුහල ලෙස නම වෙනස් වීම |
2002 |
ඉසුරු පාසල් ව්‍යාතියට සම්බන්ධ වීම |
2007 |
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1940 දෙසැම්බර් 10 දින |