සුදිලේවා අප විදුහල් මෑණි
සිරිලක් අඹරේ පෑ සඳ සේ
ගයනෙමු ඔබ ගුණ සැම කල බැතියෙන්
සකල දේශයේ රැව්දෙන සේ
සැමදා අපි ඔබ සෙවන පතන්නෙමු
සුවඳ සුපින්වත් දරුවන් වන්නෙමු
ඔබ පෙන්වන මඟ සදා ගමන් යමු
සදා ඔබේ ගුණ බැතියෙන් ගයනෙමු
අප හැම සැම සිප් සයුරෙහි හොබවා
ජීවනයේ යහමඟ සලසා දෙන
මැටිහක්කට මිණි පහනක් වැනි ඔබ
වැජඹේවා වැජඹේවා සැමසිත්