අප පාසලේ 9 ශේණියේ ඉගෙනුම ලබන පී.ජී.ටී.ඩී අභයකීර්ති සිසුවා මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ දැනුම වඩමු-අනතුරු වළකමු යන තේමාව යටතේ පැවැත්වු දැනුම මිනුම තරගයෙන් මධ්‍යම පළාතේ ප්‍රථම ස්ථානය දිනා ගෙන පාසලට කීර්තියක් අත්කර දුනි.
මෙම තරගයට මධ්‍යම පළාතේ පාසල් 26ක තරගකරුවන් 1040ක් සහභාගී විය.මූලික වටයෙන් දෙවන වටයේ 72 දෙනා අතරට තේරි එහි දී ලකුණු 92 ක් ලබා ගෙන ප්‍රථම ස්ථානය ලබා ගෙන අවසන් 6 දෙනා අතරට තේරි පත් විය.අවසන් වටයේ තරග මහනුවර ඒ.එල්. සේනානයක ළමා පුස්තකාල ශ්‍රවනාගාරයේ දී 2023-05-12 දින මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නීතීඥ ලලිත් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.