මහින්දයේ සූරිය මංගල්‍යය 2024

මහින්ද ද්විතියික පාසල සහ රත්තොට මහා බෝධි විද්‍යාලය අතර සුහද වොලිබෝල් තරගය

පාසල් වෙබ් අඩවිය නිර්මාණය  කිරීමේ කටයුත්ත සදහා සහතික පත් නිකුත් කිරීම

LSP_0479.jpeg
LSP_0606.jpeg
LSP_0824.jpeg
Cadet Team

Cadet Team

මහින්දයේ ශිෂ්‍යභටයෙකුට සෑම විටම ඉහළ ශාරීරික හා මානසික යෝග්‍යතාවයක් තිබිය යුතුය. ඔහු දක්ෂ ජවසම්පන්න පුද්ගලයෙකු විය යුතුය, ඉතා විනයගරුක විය යුතුය, සුපරීක්ෂාකාරී විය යුතුය, ආහාර පිසීමේ හා ප්රථමාධාර ලබා දීමේ හැකියාවද තිබිය යුතුය. ඔහු ගෘහ කළමනාකරුවෙකු, වෙඩික්කරුවෙකු, සිතියම් කියවන්නෙකු, ක්ෂේත්‍ර ශිල්පියෙකු, උස පැනීමේ ක්‍රීඩකයෙකු, දුර පැනීමේ ක්‍රීඩකයෙකු, වෙඩි තැබීමේ ක්‍රීඩකයෙකු, මැරතන් ක්‍රීඩකයෙකු, අණ දෙන නිලධාරියෙකු, නායකයෙකු, නළුවෙකු, ගායකයෙකු හෝ නර්තන ශිල්පියෙකු වන සංයුක්ත ස්වභාවයේ ක්‍රීඩකයෙකු විය යුතුය. අවසානයේ අංකුර සොල්දාදුවෙක්. මෙම ගුණාංගවලට අමතරව නිලධාරියාට තවත් බොහෝ හැකියාවක් තිබිය යුතු අතර එවැනි නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කැඩෙට් නිලධාරීන් විසිපස් දෙනෙකුට පමණක් හර්මන් ලූස් තරඟයට මුහුණ දිය හැකිය

කණ්ඩ ගුරුභවතා - එස්.ජී.ටී.ඩී සුබසිංහ

කණ්ඩභාර නිළධාරී - සැරයන් බණ්ඩාර

 

 

 

රන්ටැබේ ජාතික පුහුණු මධ්‍යස්ථානයට යෑම

 

2024/01/15 වන දින මහින්ද ද්විතීක පාසලේ ශිෂ්‍ය බට බලකායේ සාජන් බණ්ඩාර සහ කෝප්‍රල් ගුණසේකර ප.ව 12.15 පමණ රන්ටැබේ ජාතික පුහුණු මධ්‍යස්ථානයට ලඟා විය.එම ස්ථානයේ සාජන්වරුන් සහ කෝප්‍රල්වරුන් 975 දෙනෙකු සහභාගී වී සිටියහ.රන්ටැබේ ජාතික පුහුණු මධ්‍යස්ථානයේ සෑම දිනකම පෙරවරු 5.00 වන විට අනිවාර්යයෙන් පෙරඩ් ග්‍රවුන්ඩ් එකෙ රැඳී සිටිය යුතුය.පෙරවරු 5.00 සිට පෙරවරු 7.15 දක්වා ශාරීරික අභ්‍යාස මාලාවේ නිරත විය යුතුයි. පෙරවරු 8  වන විට පා සරඹ ක්‍රියකරකම් සදහා  පෙරඩ් ග්‍රවුන්ඩ් එකට රැස්විය යුතුය.එම ක්‍රියාකාරකම පස්වරු 3.30 වනතෙක් කෙටි විවේක සහිතව සිදු කරනු ලැබේ. එතැන් සිට පස්වරු 5.00 පමන වන තෙක් lesson [පාඩම] සඳහා කාලය වෙන් කරයි. නැවත පැයක කාලයක්  ශාරීරික අභ්‍යාස පාඩම්  මාලාවේ නියැළිය යුතුය.

 

කාලසටහන

 

මෙතනින් දවසේ සියලු ක්‍රියාකාරකම් අවසන් වෙයි. මේ අයුරින් දවස් පහක් ක්‍රියාකාරකම් සිදු කෙරුණි. ජනවාරි මස 17/18/19 වන තෙදින තුලා අවි සරඹ පුහුණු වීම් සඳහා පැය දෙකක කාලයක් ගත කරන ලදී. 20 වන දින කෝප්‍රල් ගුණසේකර රන් ටැඹේ ජාතික පුහුණු මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් පෙරවරු 11.00 පමණ වන විට ගලේවෙල ජාතික ක්‍රීඩා පිටියට පැමිනීමට හැකි විය. 21 වන දින එම ක්‍රිඩා පිටියේ පෙරඩ් එකට සහබාගී වීමට ඔහුට හැකි විය. එදින සවස් වරුව වන විට සියලුම ශිෂ්‍ය බටන්ගේ පුහුණුවීම් අවසන් වී නිවෙස් බලා පිටත්ව ‍යැමට කටයුතු කළහ.

 

 

08/29 දින සිට රන්ටැඹේ පළාත් කඳවුරු පරීක්ෂණයට සූදානමින් අවසන් පුහුණූවීම්වල නියැලෙන මහින්දයේ ශිෂ්යභටයින්

 

 

 

 

 

 

 

රන්ටැඹේ ශිෂ්යභට කඳවුරට සහභාගීවන සිසුන්