නිර්මාණශීලීත්වයෙන් හෙබි මහින්දයේ දරුවන්ගේ ,සාරධර්ම හා චරියාවන්ගෙන් යුත් දරුවෙකු බිහි කිරීමට පාසලේ බෞද්ධ සංගමය මගින් විශාල මෙහෙයක් සිදු වේ.පාසලට ඇතුලු වන මොහොතේත් , පාසලේ දෛනික කටයුතු ආරම්භයේ සිට අවසානය දක්වාමත් ආගමික වතාවන් සඳහා මහින්දයේ දරුවන් යොමුවේ.එසේ ම වසර පුරා ක්‍රියාත්මක වන ආගමික වැඩසටහන් තුලින් දරුවන්ගේ චර්යා,කුසලතා හා ආකල්පයන් තුළින් සමබර පෞරුෂයකින් හෑ ආධ්‍යාත්මික ගුණයන්ගෙන් යුත් පුද්ගලයෙකු වැඩ ලෝකයට ප්‍රවේශ කිරීමට හැකියාව ලැබී ඇත.
මහින්දයේ ක්‍රියාත්මක වන ආගමික වැඩසටහන්
- දෛනික බුද්ධ පූජාව
- අයනික සිදුකරන ලබන බුද්ධ පූජාව
- සති පාසල
- පෙර පොහොය වැඩසටහන්
- වෙසක් පොහොය දින වැඩසටහන්
- පොසොන් පොහොය දින වැඩසටහන්
- ඇසළ පොහෝ දින වැඩසටහන්
- බැති ගී
- පිරිත් පිංකම
- දානමය පිංකම