6 ශ්‍රේණියේ නවක සිසුන් බදවා ගැනීමේ අවස්තාව
2024.02.20 වන දින මහින්දයේ අපට අලුත් දවසක් උදා විය. ඒ ඇයි කියනවනම් අප පාසලට අලුතින් නංගිලා මල්ලිලාගේ පැමිණිමයි. එම පිරිස අප පාසලට පමිණියේ පෙ.ව. 9.00 ට පමණ. අප පාසලේ 7 ශ්‍රේණියේ නංගිලා/මල්ලිලා විසින් මල් කලබක් දී ඒ අය සතුටින් පිළිගත්හ. අලුත් සහෝදර පිරිස සමග ඒ අයගේ දෙමාපියන්ද කැදවා අප පාසලේ ගරු විදුහල්පති තුමන් ඇතුලු ගුරු මණ්ඩලයේ කිහිප දෙනෙක් ප්‍රධාන ශාලාවේ දී පිළිගනීමේ උත්සවයට සම්බන්ද විය. එම උත්සව සභාව මෙහෙයවන ලද්දේ අප පාසලේ 07 ශ්‍රේණියේ සහෝදරයෙක් හා සහෝදරියක් වන අතර පොල් තෙල් පහන දැල්වීමට ආරාධනා කරන ලදී. ඉන් අනතුරුව පැමිණ සිටි පිරිස පංචශීලය පිහිටුවා අප පාසලේ සංගීත අංශයේ සිසු නංගිලා මල්ලිලාගේ ප්‍රධානත්වයෙන් පාසල් ගීතය ගායනා කරන ලදි . පැමිණ සිටි පිරිස විදුහල්පතිතුමා විසින් පිළිගත් අතර විනෝද සයුරේ ගිල්වමින් නර්තන අංශයේ නංගිලා හා සංගීත අංශයේ මල්ලිලා ඔවුන්ගේ දක්ෂතා පෙන්විය. ඉන් අනතුරුව අප පාසලට අලුතෙන් පැමිණි සහෝදරියකගේ මව විසින් කතාවක් ඉදිරිපත් කළාය. ඒසේම 6 ශ්‍රේණියට අලුතෙන් පැමිණි සහෝදරියක් විසින් ගායනාවක් ඉදිරිපත් කරන කළාය.